හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ රාජ්‍ය අංශයට අයත් ‘ලංකා සතොස’ ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට අදාළව, ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. හිටපු අමාත්‍යවරයාට අයත් එතනෝල් සමාගමක කටයුතු සඳහා සතොස ලොරි රථයක් යොදාගැනීමේ සිද්ධිය මත ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු ද පසුගිය සතියේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.මෙම වංචාවට අනුබල දෙමින් ව්‍යාජ ලේඛන සකස් කළ බවට චෝදනා ලැබූ ලංකා සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමාල ද ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ජොහාන් ප්‍රනාන්දුගේ වාසිය සඳහා අදාළ ලොරි රථය පුද්ගලික අංශයේ කටයුතු සඳහා ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


























