හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාව සිටි සමයේ ලංකා සතොස ආයතනයට අයත් ලොරියක් අවභාවිත කර රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම පියවර ගෙන ඇත. අදාළ ලොරිය හිටපු අමාත්‍යවරයාට අයත් එතනෝල් සමාගමක කටයුතු සඳහා යොදා ගනිමින් ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු යන අයට වාසි සහගත ලෙස කටයුතු කර ඇති බවට පොලිසිය සැක කරයි.මෙම සිද්ධියටම අදාළව ලංකා සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු වන ඉන්දික රත්නමලාල යන අයද ඊයේ දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ ව්‍යාජ ලේඛන සකස් කරමින් අදාළ රථය අමාත්‍යවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලබාදීමට කටයුතු කිරීමයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට මීට පෙර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඒ අනුව ඔහු අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්විය.


























