2021 වසරේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පනත හකුලා ගන්නා ලෙස බලකරමින් පාර්ලිමේන්තු වටරවුමේ පැවති උද්ඝෝෂණයේ දී නිරෝධායන නීති උල්ලංඝනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි ලංකා ගුරු සංගමය ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 34 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සියලු සැකකරුවන් මුදා හැරීමට නියෝග කළා.
2021 වසරේ ජූනි මස අටවනදා කොතලාවල ආරක්ෂක විද්යාල පනත හකුලා ගන්නා ලෙස බල කරමින් පාර්ලිමේන්තු පොල්දුව මංසන්දියේ පැවති උද්ඝෝෂණයේදී නිරෝධායන පනත යටතේ ස්ටාලින් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.