ට්‍රම්ප්ගේ බද්ද නිසා උණුසුම් වූ මාතර ඇඟලුම්හල!

මාතර, වැලිගම, උඩුකාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන්ට අවුරුදු බෝනස් දීමනාව ලබාදිය නොහැකි බව පවසා තිබීම හේතුවෙන්, ඔවුන් විසින් ආයතන ප්‍රධානීන් නිවාස අඩස්සියේ තබා විරෝධතාවක නිරත වුණා.

මේ නිසා ඊයේ (08) රාත්‍රියේ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු හේතුවෙන් මෙලෙස බෝනස් දීමනාව ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

අවුරුදු බෝනස් දීමනාව ලබා නොදීමට ආයතනයේ පාලන අධිකාරිය ඊයේ උදෑසන ගත් තීරණයට විරෝධය පළ කරමින්, සේවක සේවිකාවන් සේවයෙන් ඉවත් වී ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පිවිසුම් දොරටුව අසල රැඳී සිටියා.

ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවත් උණුසුම් ලෙස අවසන් වුණා.

රාත්‍රිය වනතුරු විසඳුමක් නොලැබීම නිසා, සේවක සේවිකාවන් ආයතන ප්‍රධානීන් නිවාස අඩස්සියේ තබා, පිවිසුම් දොරටුවට අගුලු දමා එය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා.

විරෝධතාකරුවන් පැවසුවේ, අවුරුදු බෝනස් දීමනාව ලබාදෙන තුරු එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි. මේ සම්බන්ධයෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ප්‍රධානීන් වැලිගම පොලිසියට දැනුම් දීමත් සමඟ, එම ස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණත්, අද (අප්‍රේල් 09) උදෑසන වනතුරුත් සේවක සේවිකාවන් පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවයේ නිරතව සිටිනවා.

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *