ටැටූ ගැහුවොත් රස්සා නැහැ පොලීසියෙන් කියන අලුත් කතාව මෙන්න!

ශරීරයේ ඕනෑම තැනක ටැටූ එකක් තිබේ නම්, පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවකට ඇතුළු වීමේ අවස්ථාව ලැබෙන්නේ නැතැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ශරීරයේ ටැටූ ගසාගත් පුද්ගලයෙකු විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ලබා ත්‍රිවිධ හමුදාවක රැකියාවකට බලාපොරොත්තු වුණත්, ඔහුට ඒ සඳහා අවස්ථාවක් හිමි නොවන බවයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා තවදුරටත් මෙසේ අදහස් පළ කළේය;

“ශරීරයේ විශාලතම අවයවය තමයි හම. ඔබ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ලබා තිබුණත්, ඔබේ ශරීරයේ ටැටූ එකක් තිබෙනවා නම්, ශ්‍රී ලංකා පොලිසියේ රැකියාවකට බඳවා ගන්නේ නැහැ.

ඒ වගේම, පශ්චාත් උපාධියක් තිබියදීත් ටැටූ එකක් තියෙනවා නම්, කිසිම ත්‍රිවිධ හමුදාවකට ඇතුළත් කරන්නේ නැහැ.

ඒ ඇයි? හම කියන්නේ ශරීරයේ විශාලතම අවයවය. ඒක විනාශ කරගන්න එක හොඳ දෙයක් නෙවෙයි. ඒ ගැන සොයා බලන්න සිද්ධ වෙනවා.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *