සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක්ට මරණ දඬුවම නියම කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත.ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන චෝදනා මත මෙම දඬුවම නියම කර ඇති බව මානව හිමිකම් සඳහා වූ ටියුනීසියානු ලීගයේ ප්‍රධානියා පවසා තිබේ.මෙලෙස දඬුවම් නියම වූ වී ඇත්තේ 56 හැවිරිදි සාමාන්‍ය කම්කරුවෙක්ට වන අතර, ඔහු සීමිත අධ්‍යාපනයක් ලැබූ පුරවැසියෙක්ය.ඔහුගේ නීතිඥවරයා පවසා ඇත්තේ, ෆේස්බුක් සටහන් සම්බන්ධයෙන් නබියුල් උසාවියේ විනිසුරුවරයා තම සේවාදායකයාට මරණ දඬුවම නියම කළ බවයි. එය කම්පන සහගත සහ පෙර නොවූ විරූ තීන්දුවක් බව හෙතෙම පැවසීය.කෙසේ නමුත් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. ටියුනීසියාවේ අධිකරණ විසින් අවස්ථා කිහිපයකදී මරණ දඬුවම් නියම කර ඇතත්, වසර 30කට වැඩි කාලයක් තිස්සේ එම තීන්දු ක්‍රියාත්මක කර නොමැත.