ටෙනිස් ක්‍රීඩාවේ ක්‍රිඩකයන් ඇගයීමේ නව රටාවක් හඳුන්වාදෙයි.

ටෙනිස් ක්‍රීඩාව සඳහා ක්‍රීඩකයන් ඇගේ ඇගයීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා
එය ,ITF world Tennis number, ලෙස එය හඳුන්වනවා
ශ්‍රී ලංකාවේදී එය දෙදහස් 2025 වර්ෂයේදී ආරම්භ වන අතර ඒ සඳහා මාධ්‍ය දැනුවත් කිරීමක් ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනයයේදී පැවැත්වුණා .

මෙම නව ක්‍රමවේදය සඳහා ටෙනිස් ක්‍රීඩා කරන රටවල් අසූවක් සම්බන්ධ වී සිටිනවා.
ශ්‍රී ලංකා ටෙනිස් සංඝමයේ සභාපති ඉක්බාල් බින් අයිසැක් මහතා සහ ලෝක ටෙනිස් සම්මේලනයේ සංවර්ධන නිලධාරී ජොනතන් ස්ටබ්ස් මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවා.
දැනටමත් ශ්‍රී ලංකාවේ හතර දහසකට ආසන්න ප්‍රමාණයක් ටෙනිස් ක්‍රීඩාවේ නිරත වෙනවා .
ITF world number ක්‍රමය තුළින් තමා දරන ස්ථානය නිවැරදිව සඳහන් වනවා.
තමන් ක්‍රීඩා කරන සෑම තරඟයකම තොරතුරු ක්‍රමයට ඇතුළත් වන අතර ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකට තමාගේ දක්ෂතා පිළිබඳව ඇගයීමකට ලක් කිරීමටද මෙයින් හැකියාව ලැබෙනවා.

sri lanka tenis සංගමයේ ප්‍රධාන ප්‍රවර්ධන නිලධාරී අනූප මත්තෙමගොඩ මහතාද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ පාසල් ්‍රීඩා සමාජ යා සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වාදීම දැන් ආරම්භ කොට ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 553

Leave A Reply

Your email address will not be published. Required fields are marked *