ටොයෝටා සහ ලෙක්සස් රථ 126,691 ක් යළි කැඳවයි!

එන්ජිම ඇණහිටීමට හේතු විය හැකි නිෂ්පාදන අපද්‍රව්‍ය (manufacturing debris) හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ටොයෝටා ටුන්ඩ්‍රා (Tundra) සහ ලෙක්සස් (Lexus) වර්ගයේ වාහන 126,691 ක් යළි කැඳවීමට ටොයෝටා සමාගම පියවර ගෙන ඇතැයි, ඇමරිකානු ජාතික මහාමාර්ග ගමනාගමන ආරක්ෂණ පරිපාලනය (NHTSA) බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම ගැටලුව සඳහා නිවැරදි කිරීමේ විසඳුමක් මේ වන විට සංවර්ධනය වෙමින් පවතින බවත්, එය සූදානම් වූ පසු ක්‍රියාත්මක කරන බවත් NHTSA වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 520

Leave A Reply

Your email address will not be published. Required fields are marked *