ඩයලයිසිස් කටු(dialysis needles)හිඟයක් පැවති බව පිළිගන්නා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (ඔක්තෝබර් 07) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, රජයේ රෝහල්වලට දේශීයව මිලදී ගැනීම් සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම අරමුණ සඳහා රෝහල් වෙත අරමුදල් නිකුත් කර ඇති බවයි.