ඩාලි නෞකාවට මෙරටට ඇතුලු වීමට අවසර දී නැහැ

ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබියදී ඇමරිකාවේ බැල්ටිමෝර් හී ෆැන්සිස් ස්කෝට් හී පාලමේ ගැටුණු අන්තරායකර බහාලුම් අඩංගු නෞකාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොමැති බව එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා බලා පැමිණෙමින් සිටියදී අදාළ නෞකාව අනතුරට ලක් වූ අතර පසුව ඇමරිකාවේ ජාතික ආරක්ෂණ මණ්ඩලය කියා සිටියේ අදාල නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 56 ක් හඳුනා ගෙන ඇති බවයි. ටොන් 764 ක් පමණ බරකින් යුත් ඒවායේ බොහොමයක දැවෙන සුලු සහ ලිතියම්, අයන බැටරි ඇතුලු විවිධ අනතුරුදායක ද්‍රව්‍ය අඩංගු බව එම මණ්ඩලය සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් කළ ප්‍රශ්න කිරීම්වලදී පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කියා සිටියේ මෙම නෞකාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය පරීක්ෂණයක් සිදු කරන බවයි.

ඒ අනුව අද මාධ්‍ය හමුවක් කැඳවමින් මධ්‍යම පරිසර අධිකාරිය ඊට ප්‍රතිචාර දක්වා සිටියා.

එහිදී එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර සඳහන් කළේ බාසල් සම්මුතියට අනුව උපද්‍රවකාරී අපද්‍රව්‍ය රටක වරායක් හරහා සංක්‍රමණය කිරීමට එම රටේ බාසල් සම්මුතිය ක්‍රියාත්මක කරන ආයතනයෙන් අවසර ලබා ගත යුතු බවයි.

එහෙත් අදාළ නෞකාව එවැනි ඉල්ලීමක් හෝ අනුමැතියක් මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා ගෙන නොමැති බවයි එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *