ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 6ක් – සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, මෙම ඝාතනය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් යොදවා ඇති බව වාර්තා වේ.

පොලීසිය සැකපළ කරන්නේ, මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරනු ඇති බවයි.

ඊයේ රාත්‍රියේ වැල්ලම්පිටිය, ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලකදී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තැබීමක් සිදුවිය.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලා ගිය බව පොලීසිය පවසයි.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

පිස්තෝලයක් යොදාගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

ඔහුගේ උරහිසට වෙඩි ප්‍රහාර දෙකක් සහ පපුවට තවත් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *