ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව ප්‍රාදේශීය සභා අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් මහතා ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, කුරුඳුවත්ත පොලිස් වසමේදී අත්අඩංගුවට ගත් 52 හැවිරිදි සැකකරු වෑබඩ උතුර, වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි.

අත් අඩංගුවට ගත් පුද්ගලයා ඩෑන් ප්‍රියසාද් මහතාගේ සොහොයුරාගේ ඝාතනයටද සම්බන්ධ සැකකරුවෙකු වන බව පොලිසිය සඳහන් කළේ ය.

පොලිසිය පැවසුවේ, ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගිය 24 වැනිදාද සැකකරුවෙකු අත් අඩංගුවට ගත් අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

පසුගිය 22 වැනිදා රාත්‍රි කාලයේ වැල්ලම්පිටිය , සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු  සිදුකල වෙඩි තැබීමකින් තුවාල ලැබු ඩෑන් ප්‍රියසාද් මහතා ජාතික රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගියේ ය.

ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 739

Leave A Reply

Your email address will not be published. Required fields are marked *