ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී හඳුනා ගනී…

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් දෙදෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්ෂිකරුවන් විසින් හඳුනා ගෙන තිබේ.
හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වුණේ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාගේ නියෝගයකට අනුවයි.

විමර්ශනය, වැරදි පාරක යන බව, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාම එම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බැවින් නියම වෙඩික්කරුවන් නිදැල්ලේ සිටින බවයි.

සැකකරුවන්, මැයි 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

කොළොන්නාව ලක් සඳ සෙවන නිවාස සංකීර්ණයේ නිවසක සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ඩෑන් ප්‍රියසාද් මහතා වෙඩි තබා ඝාතනය කළේ, පසුගිය 22 වැනිදායි.

What's your reaction?

Related Posts

1 of 827

Leave A Reply

Your email address will not be published. Required fields are marked *