ඩීසල් මිල වැඩි වුවත් බස් ගාස්තු වෙනස් වෙන්නේ නැහැ!

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල ඉහළ දැමීමට පියවර ගත්තද, බස් ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව (NTC) පවසයි. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ පවතින බස් ගාස්තු ව්‍යුහයට මෙම මිල ඉහළ යාම බලපෑමක් නොකරන බැවින් දැනට පවතින ගාස්තු එලෙසම පවත්වාගෙන යන බවයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින් ඉහළ නංවන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,043

Leave A Reply

Your email address will not be published. Required fields are marked *