ඩුබායි හි සැඟව සිටි ප්‍රධාන පෙළේ අපරාධකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක මෙරටට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකු සහ රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවට ලක් වූ කාන්තාවක ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි. සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ලැබ ඩුබායි හි සැඟව සිටි මෙම ප්‍රබල අපරාධකරුවන් දෙදෙනා අද (ජනවාරි 16) අලුයම දිවයිනට රැගෙන ආ බව පොලිසිය තහවුරු කළේය.​පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඔවුන් සමඟ රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන කාන්තාවද එම අවස්ථාවේදීම මෙරටට රැගෙන ආ බවයි. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සහ නීතිමය පියවර ගැනීම සඳහා අදාළ අංශ වෙත යොමු කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,036

Leave A Reply

Your email address will not be published. Required fields are marked *