ඩෙල්ෆ් මුහුදේ පාවෙමින් තිබූ විදේශීය සිගරට් තොගයක් නාවික හමුදා භාරයට

ඊයේ (දෙසැම්බර් 04) යාපනය, ඩෙල්ෆ්ට් දූපතට දකුණු මුහුදේදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී විදේශීය සිගරට් සහ වෙනත් තහනම් භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයාගෙන ඇත. උතුරු නාවික විධානයට අනුයුක්ත SLNS වසභ නෞකාව මෙම මෙහෙයුම සිදු කළ අතර, මුර සංචාරයේ යෙදී සිටියදී නාවික හමුදා සාමාජිකයින්ට මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු ගෝනි නවයක් නිරීක්ෂණය විය. පරීක්ෂා කිරීමේදී, මෙම ගෝනිවල විදේශීය සිගරට් 160,000 ක් පමණ, ආලේපන නිෂ්පාදන පැකට් 150 ක් සහ අත් ඔරලෝසු 10 ක් අඩංගු බව සොයා ගන්නා ලද අතර, මේවා රට තුළට ජාවාරම් කරන්නට ඇතැයි සැක කෙරේ. කෙසේ වෙතත්, නීතිවිරෝධී මුහුදු ක්‍රියාකාරකම් මැඩලීම සඳහා එම ප්‍රදේශයේ නාවික අධීක්ෂණය වැඩිවීම හේතුවෙන් මෙම භාණ්ඩ හිතාමතාම මුහුදේ දමා ගොස් ඇති බවට අනුමාන කෙරේ. මෙම අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිසියට භාර දී ඇති අතර, පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *