පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (10) දින ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. මහ බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 301.10 සිට රුපියල් 301.09 දක්වා අඩු වී තිබේ. එසේම, විකුණුම් අනුපාතය ද රුපියල් 308.65 සිට රුපියල් 308.57 දක්වා පහත වැටී ඇත. මේ අතර, අනෙක් රටවල්වල මුදල් ඇතුළු විදේශ විනිමය සමූහයකට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් වෙනස් වී ඇති බව සඳහන් වේ.
























