ශ්‍රී ලංකා මහ බැංකුව අද (07) නිකුත් කළ නිල දත්ත වාර්තාවලට අනුව, ඇමරිකානු ඩොලරයක මධ්‍ය අගය (Spot Rate) රුපියල් 310 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2024 පෙබරවාරි 29 වනදායින් පසුව ඩොලරයේ අගය මෙවැනි මට්ටමකට පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සටහන් වේ.මහ බැංකු වාර්තාවලට අනුව අද දින ඩොලරයේ මධ්‍ය අගය රුපියල් 310.02ක් ලෙස දැක්වුණු අතර, එක් ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.28ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 313.81ක් ලෙසත් සටහන් විය.


























