තණමල්විල සිසුවිය අපයෝජනය කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

තණමල්විල ජාතික පාසලේ 11 ශ්‍රේණියේ සිසුවිය සමූහ අපයෝජනයට ලක් කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් තුන්දෙනෙකු සහ අධාර අනුබල දුන් කාන්තාව ලබන මස 02 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද (22) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල පරිවාස මධ්‍යස්ථානයේ රදවා සිටින බාල වයස්කාර සිසුන් 14 දෙනා ද අද අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔවුන් යළි එහි රඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

සිද්ධිය වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර සිටින විද්‍යාලයේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පති වරයා හා ගුරුවරියන් දෙදෙනෙකු ද අද අධිකරණයේ පෙනී සිටි අතර ඔවුන්ට යළි 2 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට රැගෙන ආ අවස්ථාවේ කාන්තා සංවිධාන කිහිපයක නියෝජිතයින් පිරිසක් අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක ද නිරත වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *