ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්ත්වය වැඩිවීමට අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇත. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවීමට ඉඩ ඇත. උදෑසන කාලයේදී සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයන් ද අපේක්ෂා කළ හැකිය. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.






















