තමාව අත්අඩංගුවට ගැනීමට එරෙහිව සුරේෂ් සලේ අභියාචනාධිකරණය හමුවට

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ඔහු මෙම නීතිමය පියවර ගෙන ඇත.​මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස පාර්ශ්ව කිහිපයක් නම් කර ඇති අතර, ඒ අතරට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළත් වේ. මීට අමතරව රොහාන් සිල්වා පියතුමා සහ නීතිපතිවරයා ද මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කිරීමට පියවර ගෙන තිබේ.​තමන්ව රඳවා තබා ගැනීම නීතිවිරෝධී බවත්, එම ක්‍රියාවලිය වළක්වන ලෙසත් ඉල්ලමින් සලේ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. ආරක්ෂක අංශවල හිටපු ප්‍රබල නිලධාරියෙකු මෙලෙස අධිකරණයේ පිහිට පැතීම දේශපාලන හා නීතිමය ක්ෂේත්‍රය තුළ දැඩි අවධානයකට ලක්ව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,083

Leave A Reply

Your email address will not be published. Required fields are marked *