තර්ස්ටන් – ඉසිපතන විස්සයි-විස්ස සටනේ ජය ඉසිපතනයට

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැති තර්ස්ටන් – ඉසිපතන සහෝදරයන්ගේ සටන විස්සයි-විස්ස ක්‍රිකට් තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉසිපතන විද්‍යාලය සමත් විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 116ක් රැස් කළේය. එහිදී තර්ස්ටන් ඉනිම වෙනුවෙන් රචින්ද ද සිල්වා සහ සෙතෘ ප්‍රනාන්දු ලකුණු 30 බැගින් ලබාගත් අතර, පන්දු යැවීමේදී ඉසිපතන විද්‍යාලයේ දසිත් සෙනාල් ලකුණු 14කට කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.​ලකුණු 117ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉසිපතන ක්‍රීඩකයෝ පන්දු වාර 16යි පන්දු 3ක් වැනි කෙටි කාලයකදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්හ. ඉසිපතන ඉනිම ජයග්‍රහණය කරා මෙහෙයවූ තරුන් පෙරේරා නොදැවී ලකුණු 74ක් රැස් කරමින් පිත්තෙන් අතිශය ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහුට අනගි සහයක් ලබාදුන් ජනිත සේලක ලකුණු 22ක් ලබා ගනිමින් ඉසිපතන විද්‍යාලයට සහෝදරයන්ගේ සටනේ විස්සයි-විස්ස ශූරතාවය හිමිකර දීමට දායක විය.​තරඟය අවසානයේ පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේදී දක්ෂතම ක්‍රීඩකයන් ඇගයීමට ලක් කෙරුණු අතර, එහිදී සියලුම ප්‍රධාන සම්මාන ඉසිපතන විද්‍යාලය සතු කර ගැනීම විශේෂත්වයකි. ඒ අනුව, තරඟයේ වීරයා සහ හොඳම පිතිකරු ලෙස තරුන් පෙරේරා සම්මාන ලැබූ අතර, දසිත් සේනල් හොඳම පන්දු යවන්නා ලෙසත්, තිපීර දිනුල් හොඳම පන්දු රකින්නා ලෙසත් සම්මානයට පාත්‍ර වූහ.

What's your reaction?

Related Posts

1 of 1,062

Leave A Reply

Your email address will not be published. Required fields are marked *