කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය කොළඹ ssc ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වුණා..
දින තුනක් පුරා පැවැත්වෙන මෙම මහ ක්‍රිකට් තරඟයේ සමාරම්භක උත්සවය පැවතුණේ හැත්තෑව වර්ෂයේ තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ සුදන්ත විධානගේ මහතාගේ ප්‍රධානත්වයෙන්..
විද්‍යාල දෙකෙහි විදුහල්පතිවරුන්ද සමාරම්භක අවස්ථාවට එක් උනා.
මෙවර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේේ නායකත්වය ,තනූජ රාජපක්ෂ විසින් දරන අතර
ඉසිපතන විද්‍යාලයේ කණ්ඩායමට නායකත්වය දක්වන්නේ ලෙසදු කල්පගේ.
………………………………..
දින තුනක් පුරා පැවැත්වෙන තර්ස්ටන් ඉසිපතනය මහා ක්‍රිකට්තරගයේ මෙවර
කාසියේ වාසියේ දිනූ තර්ස්ටන් විද්‍යාලයේ නායකයා මුලින්ම පන්දුවට පහර දීමට ඉසිපතන කණ්ඩායමට ආරාධනා කළා..
පාසැල් මහා ක්‍රිකට් තරග ආරම්භය සනිටුහන් කරමිනුයි මෙවර 2025 වර්ෂයේ මුලින්ම තර්ස්ටන් ඉසිපතන ක්‍රිකට් ගැටුම ආරම්භ වුණේ