අද (02) පෙරවරුවේ තරුණයින් පිරිසක් මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණා.
එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි මාතලේ පොලීසියේ නිලධාරින් කිහිපදෙනෙකු තරුණයින්ව පරික්ෂාවට ලක් කර මත්ද්‍රව්‍ය තිබූ බවට අසත්‍ය චෝදනා නගමින් තරුණයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මෙම පිරිස විරෝධතාවය පැවැත්වූ බව වාර්තා වනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මාතලේ පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව මෙම ක්‍රීඩකයින් පරික්ෂා කිරීමේදී පුද්ගලයින් දෙදෙනෙකු සන්තකයේ තිබී ගංජා හමු වූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.