තලංගම අකුරෙගොඩ වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට!

තලංගම, අකුරෙගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. අකුරෙගොඩ පිහිටි සුපිරි වෙළඳසැලක රථ ගාලකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ වින්දිතයන් වාහනයක් තුළ සිට ඇති බවත් වෙඩි වැදීමෙන් ඔවුන් එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් වාර්තා වේ. මෙම වෙඩි තැබීම සඳහා T56 ගිනි අවියක් භාවිතා කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. මියගිය අය පිරිමියෙකු සහ කාන්තාවක ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. වෙඩි තැබීමට හේතුව සහ ඊට වගකිවයුත්තන් හඳුනා ගැනීම සඳහා තලංගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,012

Leave A Reply

Your email address will not be published. Required fields are marked *