තල් අත්තක් යට සැඟවී ආ මාරයා

තල් අත්තක් යට සැඟවී සිටි නාගයෙකු දෂ්ඨ කිරීම නිසා යාපනය, වඩමරච්චි, අලියාවලෙයි ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (29) මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ තිරුවනාවුකරුසු පුණ්‍යසෝති නමැති 46 හැවිරිදි තිදරු මවක්.

මෙම කාන්තාව නිවසේ අවශ්‍යතාවයක් සඳහා තල්අතු එකතු කරමින් සිටියදී එක් තල් අත්තක් යට සැඟවී සිටි නාගයෙකු එම කාන්තාවගේ හිසට හා අතට දෂ්ඨ කොට තිබෙනවා.

එහිදී නාගයා දෂ්ඨ කළ සැණින් එම කාන්තාව සිහි මූර්ජා වී බිම ඇද වැටී ඇති අතර ස්වල්ප වේලාවකදී එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මරණය සම්බන්ධයෙන් මරදන්කේණී පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *