ත්‍රිකුණාමලයේ ගොවි ජනතාවගෙන් ‘Rebuilding Sri Lanka ’ අරමුදලට රුපියල් ලක්ෂ 37කට අධික පරිත්‍යාගයක්

සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය විසින් පිහිටුවන ලද ‘Rebuilding Sri Lanka ’ අරමුදල සඳහා රුපියල් 3,746,000ක මුදලක් පරිත්‍යාග කිරීමට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලය යටතේ ලියාපදිංචි ගොවි සංවිධාන කටයුතු කර ඇත.​ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර ගොවිජන සංවර්ධන කොමසාරිස් නේසරත්නම් විෂ්ණුදාසන් මහතාගේ උපදෙස් පරිදි සූදානම් කළ මෙම මූල්‍ය පරිත්‍යාගයට අදාළ චෙක්පත, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමාරනායක මහතා වෙත අද (18) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් භාර දෙන ලදී. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී කන්දයියා නේමිනාදන් මහතා සහ දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපති බී. පී. තක්ෂිල දේශප්‍රිය මහතා විසින් මෙම ප්‍රදානය සිදු කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,034

Leave A Reply

Your email address will not be published. Required fields are marked *