තායිලන්තය සහ කාම්බෝජය අතර දිගුකාලීන සාමය තහවුරු කිරීමේ වැදගත් පියවරක් ලෙස, දෙරටේ නායකයින් සාම ගිවිසුමකට අත්සන් තබා තිබේ. විදේශ මාධ්‍ය වාර්තා කළේ, තායිලන්තයේ සහ කාම්බෝජයේ අග්‍රාමාත්‍යවරුන් මැලේසියාවේදී පැවති උත්සවයකදී මෙම ඓතිහාසික ගිවිසුම අත්සන් තැබූ බවයි. දෙරට අතර සාම ක්‍රියාවලිය සඳහා මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත. මෙම ගිවිසුම දෙරටේ සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.























