මාතලේ පොලිස් වසමට අයත් සුදු ගඟ රක්ෂිතය තුළ ගමන් මල්ලක සඟවා තිබූ T56 වර්ගයේ ගිනිඅවියක් සහ පතරොම් ගැබ් 02ක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
මෙම ගිනිඅවිය සහ පතරොම් ගැබ් 02 මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හමු වී තිබේ.
එම T56 ගිනිඅවිය මෙම ස්ථානයේ සඟවා තැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුමේ කොටසක් ලෙස මෙම සෝදිසි කටයුත්ත සිදු කර ඇති බව පොලිසිය පවසයි.