තැන් තැන්වල වෙඩි තිබ්බාට ජාතික ආරක්ෂාවට ලොකු බලපෑමක් නෑලු!

දිවයින පුරා සිදු වූ වෙඩි තැබීම් හේතුවෙන් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල වී නොමැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කරයි.

අද (25) පැවති උත්සවයකට සහභාගි වූ අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේය;

“ජනතාවගේ ආරක්ෂාව අපි සහතික කර තිබෙනවා. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. දිවයින පුරාම මහජන ආරක්ෂාව තහවුරු කරලා තිබෙනවා.

මේවා පාතාල කල්ලි අතර ගැටුම් ලෙසයි දකින්න තියෙන්නේ.

ඒත් ඒවායින් ජාතික ආරක්ෂාවට විශාල බලපෑමක් නැහැ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් විශේෂ කටයුතු කරගෙන යනවා.”

What's your reaction?

Related Posts

1 of 632

Leave A Reply

Your email address will not be published. Required fields are marked *