පල්ලෙවෙල පොලිස් වසමේ හාපිටිගම ප්රදේශයේ කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා
බරපතල තුවාල ලබා සිටින බවට පල්ලෙවෙල පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත පල්ලෙවෙල පොලිස් ස්ථානයේ නිලධාරින් එම ස්ථානයට ගොස් බරපතල කැපුම් තුවාල ලබා සිටි තුවාලකාරිය කඩිනමින් මීරිගම රෝහලට ඇතුලත් කර ඇති අතර, අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ප්රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
වයස අවුරුදු 54 ක් වූ පිළිමතලාව ප්රදේශයේ පදිංචිකාරියක් වන අතර තාවකාලිකව හාපිටිගම ප්රදේශයේ පදිංචිව සිට ඇත.
සිය පියාගේ මල්ලී සමඟ කුලී පදනම මත හාපිටිගම ප්රදේශයේ පදිංචිව සිට ඇති අතර ඔහු සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බව විමර්ශණයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනය සිදුකළ සැකකරු මේ වන විට ප්රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ
අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලෙවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි