කෝටිපති ව්‍යාපාරිකයන් පිරිසකගෙන් ව්‍යාපාර කිරීම සඳහා යැයි පවසමින් රුපියල් කෝටි ගණනින් මුදල් ගෙන ඒම මුදල් ලබා නොදී සාපරාධී විශ්වාසය කඩකිරීම සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා යටතේ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය තිළිණි ප්‍රියමාලී, බොරැල්ලේ සිරිසුමන හිමි, ඉසුරු බණ්ඩාර ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව කොටුව අධිකරණයේ පැවැති නඩු ගණනාවක් ලබන
ලබන ජූලි මස 09 වනදා නීතිපති උපදෙස් සදහා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය.
එම නඩු සම්බන්ධයෙන් අප මත මුදා හැර ඇති ඉසුරු බණ්ඩාර ජානකී සිරිවර්ධන ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකුගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස අධිකණයෙන් සිදු කළ ඉල්ලීමට අවසර ලැබිණි.
එමෙන්ම තිළිණි ප්‍රියමාලී යන අයගේ සූපවේදියා ලෙස කටයුතු කළ ඇයගේ පළමු ඇපකරු වන ඉරානයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ සූපවේදියකු ලෙස කටයුතු කළ සමීර ඉන්දික යන අය අපායෙන් ඉවත් වී වෙනත් ඇපකරුවෙක් ඉදිරිපත් වූ බව අධිකරණය හමුවේ සටහන් තැබූ මහේස්ත්‍රාත් වරිය නව ඇපය තැන්පත් කළ පසු සැකකාරිය මුදා හරින ලෙස නියෝග කළාය.
තිළිණි ප්‍රියමාලි, බොරැල්ලේ සිරිසුමන, ඉසුරු ශම්මික බණ්ඩාර, ජානකී සිරිවර්ධන ඇතුළු සැකකරුවන් පිරිසක් නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියේය