“තුරු කැපකරු” ව්‍යාපෘතිය සමග එක්ව නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි..

Clean Sri Lanka වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද පෙරවරුවේ පෑලියගොඩ, කැලණි පාලම අසලදී ආරම්භ විය.

සීමාසහිත කැපිටල් මහාරාජා සමූහයට අයත් එස්-ලෝන් ලංකා පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරන “තුරු කැපකරු” ව්‍යාපෘතිය සමග ඒකාබද්ධ වෙමින් අදට යෙදී ඇති ශුන්‍ය අපද්‍රව්‍ය දිනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවුණි.

ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙම ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගෙන සිටී.

ඒ අනුව පෑලියගොඩ නවලෝක වටරවුම සහ නව කැලණි පාලම අතර රජය සතු භූමියෙහි පැළ රෝපණය කරමින් එය ආකර්ශණීය නාගරික වන වගා භූමියක් ලෙස ස්ථාපනය කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ, මෙම පැළ ආරක්ෂා කොට රැකබලා ගැනීමේ කැපකරුවන් ලෙස පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ දහම් පාසල් සිසුන් වැනි විවිධ පාර්ශ්වයන් වෙත වගකීම් පැවරීමයි.

ඒ අනුව පෑලියගොඩ කැලණි පාලම අසළ රෝපණය කෙරුණු පැල ආරක්ෂා කොට රැකබලා ගැනීමේ වගකීම පෑලියගොඩ ධර්මවිජය දහම් පාසලේ සිසු දරු දැරියන් වෙත පැවරීමද මෙහිදී සිදු විය.

ගස පිළිබඳ සියලු තොරතුරු එනම් ගස වැඩීමත් සමග එහි කාලීන තත්ත්වය සහ කැපකරුවන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කෙරෙන යෙදවුමක්ද හඳුන්වාදී තිබීම විශේෂත්වයකි.

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *