තොරතුරු පනතට අනුකූලව කටයුතු කරනවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විගණනයක් ඇරඹීම සඳහා අද සමාරම්භක වැඩසටහනක් පැවැත්වුනා එය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්තනරණ ශාලාවේදී
මේ සඳහා අමාත්‍යාංශ නියෝජනය කරමින් ලේකම්වරු හා නිලධාරීන් සහභාගි වී සිටියා සියලුම අමාත්‍යාංශ නියෝජනය වන පරිදි මෙම නිලධාරීන් සහභාගි වී සිටිය අතර තොරතුරු දැන ගැනීමේ පනතට අනුකූලව කටයුතු කරනවාද යන්න පිළිබඳව ඉදිරි දිනයන්හි විගණනයක් ආරම්භ කරන බවයි ඔවුන් කියා සිටියේ
අද මෙම උත්සවය පැවැත්වූයේ එහි සමාරම්භක උත්සවය වශයෙනුයි එහි ප්‍රධාන අරමුණ සහ පැමිණි සිටි පිරිස පිළිගැනීම තොරතුරු දැනගැනීම පිළිබඳව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස් රුවන් චන්ද්‍ර මැතිතුමා විසින්
අනතුරුව තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව මුඛ්‍ය දේශනය තොරතුරු දැන ගැනීම පිළිබඳව කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා විසින් සිදුකළා
තොරතුරු දැනගනිමේ පනතට අනුව ජනතාව වෙත හරියාකාර තොරතුරු ලබා ලබාදෙනවාද යන්න විගණනය කිරීමයි මෙයින් බලාපොරොත්තු වන්නේ