දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාවේ වෙඩි තැබීමක්: ළමයින් ඇතුළු 11ක් මරුට

දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා අගනුවර පිහිටි නේවාසිකාගාරයක් තුළ අද (06) දින අවාසනාවන්ත වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම දරුණු සිදුවීම හේතුවෙන් තුන් හැවිරිදි දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. තවද, මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටී.​වෙඩි තැබීම සිදු කිරීම සඳහා වෙඩික්කරුවන් තිදෙනෙකු පැමිණ ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කරයි. සිදුවීමෙන් පසු තුවාලකරුවන් රෝහල් කරා රැගෙන යාමටත්, මරණකරුවන්ගේ සිරුරු ඉවත් කිරීමටත් දකුණු අප්‍රිකානු ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.​කෙසේ වෙතත්, මෙම මහා ඛේදවාචකයට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත. තවමත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධියට වගකිවයුත්තන් සොයා ගැනීමට විමර්ශන කටයුතු ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 517

Leave A Reply

Your email address will not be published. Required fields are marked *