දකුණු කොරියානු වැඩබලන ජනපතිටත් දෝෂාභියෝගයක්

දකුණු කොරියානු වැඩබලන ජනපතිටත් දෝෂාභියෝගයක්

දකුණු කොරියා විපක්ෂ මන්ත්‍රීවරුන් එරට වැඩබලන ජනාධිපතිවරයාට ද දෝෂාභියෝගයක් ගෙන ඒමට යෝජනා කර තිබෙනවා.

දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෙයොල් දෝෂාභියෝගයකින් ඉවත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය හන් ඩුක් සෝ එරට වැඩබලන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.

දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ව්‍යවස්ථා අධිකරණයට පත්කළ යුතු විනිසුරුවන් වෙනුවෙන් ලබාදුන් නාම යෝජනා වැඩබලන ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා.

ඒ සමගයි ඔහුට විරුද්ධව ද දෝෂාභියෝගයක් ගෙන ඒමට යෝජනා වී ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *