දකුණු කොරියාවේ ගුවන් යානයක් පුපුරා යාමෙන් 62 ක් මියගොස් තිබෙනවා
ජියෝලා පළාතේ Muan ගුවන් තොටුපළට ගොඩබෑමේදී මෙම අනතුර සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
.
එරට වේලාවෙන් ඉරිදා පෙරවරු 9.03 ට (GMT 00:03) දිවයිනේ නිරිත දෙසින් පිහිටි Muan ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බසිමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙන්නේ
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ තායිලන්තයේ බැංකොක් සිට ආපසු පැමිණෙමින් තිබූ ජෙජු එයාර් 7C2216ගුවන් යානයක් වන අතර එහි මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 6 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.
ගින්න බොහෝ දුරට මැඩපවත්වා ඇති බවත්, ගලවා ගැනීමේ නිලධාරීන් ගුවන් යානයෙන් මගීන් ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටින බවයි එරට ජාතික ගිනි නිවන ඒජන්සිය පවසන්නේ.