දකුණු කොරියාවේ වැඩබලන ජනපති ධුරයෙන් ඉවතට

දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති හන් ඩුක් සෝ ද දෝශාභියෝගයකින් පරාජයට පත් වීම හේතුවෙන් ඔහුව ධුරයෙන් ඉවත් කර තිබෙනවා

මෙම දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීම සදහා ඊට පක්ෂව ඡන්ද 151කට වැඩි සංඛ්‍යාවක් හිමිවිය යුතු වූ අතර ඊට පක්ෂව ඡන්ද 192ක් හිමි වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෙයොල් දෝෂාභියෝගයකින් ඉවත් කර සති දෙකකට පමණ පසුවයි එරට වැඩබලන ජනාධිපති හන් ඩුක් සෝට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුණේ.

වැඩබලන ජනාධිපතිවරයා එම ධුරයේ කටයුතු කිරීම අත්හිටුවන අතර ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමේ අවසන් තීරණය ව්‍යවස්ථා අධිකරණය සතු වන අතර ඒ සදහා එම අධිකරණයට හිමිවී ඇති කාලය මාසය 6ක් වනවා.

දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ව්‍යවස්ථා අධිකරණයට පත්කළ යුතු විනිසුරුවන් වෙනුවෙන් ලබාදුන් නාම යෝජනා වැඩබලන ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දෙසැම්බර් 13 වන දින හිටපු ජනාධිපතිවරයා යුද නීතිය පැනවීමට අග්‍රාමාත්‍යවරයා ද සහාය ලබාදී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා.

What's your reaction?

Related Posts

1 of 143

Leave A Reply

Your email address will not be published. Required fields are marked *