දන්සල් 3,000කින් රටේම බඩගිනි නිමන හෙට වෙසක් සැමරුම්

සම්බුදු තෙමඟු‍ල ශ්‍රද්ධාවෙන් සැමරෙන වෙසක් මංගල්‍යය වෙනුවෙන් දිවයින පුරා වෙසක් තොරණ , දන්සැල් ඇතුළු ආමිස පූජාවන් රැසක් හෙට සංවිධාන කර තිබෙනවා.

රට පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇති බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ.

දිවයින පුරා වෙසක් කලාප 419 ක් පමණ ක්‍රියාත්මක අතර තොරණ 321 ක් මෙවර ප්‍රදර්ශනයට කෙරෙනවා. දන්සල් 3000කට අධික සංඛ්‍යාවක්ද සංවිධාන කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇති බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ.

වෙසක් උත්සවය වෙනුවෙන් හෙට සහ අනිද්දා යන දෙදින පුරා දන්සල් 3000කට වැඩි ප්‍රමාණයක් සංවිධානය කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *