දරිද්‍රතාවෙන් පෙළෙන්නේ එක කොටසක් නොව සමස්ත ජනතාව බවත් රට බංකොලොත් වීම නිසා ජනතාව දරිද්‍රතාවෙන් පෙළෙන්නට වු බවත් පසුගිය දා බුද්ධසාසන අරමුදලේ නිත්‍ය සාමාජිකයකු ලෙස එක්වු අවස්ථාවේ තමා කියා සිටියේ අදටත් අප රටේ දරිද්‍රතාව ගැන නිවැරදි නිර්වචනයක් නොමැති නිසා එවැනි පැහැදිලි නිර්වචනයක් අවශය බවත් අප රටේ දුප්පත්කම ගණනය කිරිමේ නිවැරදි වැඩපිළිවෙළක් නොමැති බවත් එවැනි තත්ත්වයක් තුළ දුප්පත්කමින් මිදිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නිවැරදි නියමිත විද්‍යාත්මක දත්ත නොමැති නම් දුප්පත්කම තුරන් කරන් නොහැකි බවත් 2022 රට බංකොලොත් වු අවස්ථාවෙ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය කරන්න යැයි පැවසුවත් එවැනි විද්‍යාත්මක ක්‍රමවේදයක් සමීක්ෂණයක් සිදු නොවු බවත් මේ වැටි ඇති රට ගොඩගන්න හැමෝටම කාර්යභාරයක් ඇති බවත් ජනතාව විදින දුක කදුලු වේදනාවලට ගැටලුවලට විසදුම් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
26 වැනි වතාවට පවත්වන්න යෙදෙන වරකපොළ මෙත්මුනි විහාරයේ ආර්ය මෛත්‍රී බෝධිසත්ව අභිෂේක මංගල්‍යට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.
ගමේ පන්සල නගරයේ පන්සල සහ ආගමික සිද්ධස්ථාන ගමත් නගරයත් රටත් ශිෂ්ටසම්පන්න පරපුරක් නිර්මාණය කරමින් ආර්ථික සමාජීය ලෙස සංවර්ධනය කිරීමේ පුරෝගාමී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් පුජනීය මහා සංඝරත්නයේ දායකත්වය තුළ රටක් සුඛිත මුදිත කර ශිෂ්ටසම්පන්න යුක්තිගරුක ජන සමාජයක් බිහි කරන ගමන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ දෙන අමාරුවෙන් ජන ජීවිත ගෙවෙන මොහොතක අප රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ආ යුතු බවත් අතමිට සරු යුක්තිගරුක නීතිගරුක ජන සමාජයක් නිර්මාණය කළ යුතු බවත් බඩගින්නෙන් දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව රැකගත යුතු බවත් ඒ සඳහා ශක්තිමත් ජීවනෝපායක් නිර්මාණය කළ යුතු බවත් එහි දී ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව කැපවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.