දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සහ ඒවා ක්‍රියාත්මක කරන්න ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරනවා

අද යුනිසෙෆ් ආයත⁣නයේ ප්‍රධානියා තමා හමු වූ බවත් එහි දී යුනිසෙෆ් ආයතනය විශ්වාස කරන ප්‍රතිපත්ති සහ වැඩසටහන් ඉදිරිපත් කළ බවත් තමා වසර ගණනාවක් පුරා කතා කලේ් සහ ක්‍රියාවට නැංවූයේ ඒ ප්‍රතිපත්ති බවට යුනිසෙෆ් ආයත⁣නයේ නියෝජිතයක්ට පැවසූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජනබලවේග රජයක් තුළ දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇති කරන බවත් දරුවන්ගේ අයිතිවාසිකම් ගැන විටින් විට කතා කළත් විධිමත් වැඩසටහනක් නොමැති බවත් දරුවන්ගේ පෝෂණය, අධ්‍යාපනය, ආරක්ෂාව,සමාජ ප්‍රතිපත්ති හරහා නිර්මාණය වන ගැටලු සඳහා කඩිනම් ප්‍රතිචාර ලබා දිමේ ක්ෂේත්‍ර කේන්ද්‍ර කර ගෙන දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කරණ බවත් ඒ හරහා දරුවන්ගේ අයිතින් ශක්තිමත් කරන ආරක්ෂා කරන රැකෙන වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කරණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ, කොළඹ 10, මහා බෝධි විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 308 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී ඉංග්‍රීසි පොත්පත් ලබා ගැනිමට පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

රට පුරා ප්‍රාදේශීය ලේකම් හා උප ලේකම් බලප්‍රදේශ 341 කේන්ද්‍ර කර ගෙන ළමා අයිතිවාසිකම් හා ආරක්ෂක වැඩසටහන් දියත් කරන බවත් දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කැපවිය යුතු බවත් ඕනැ එපාකම්වලට සවන් දී ඒ සංවේදී භාවය තුළින් දරු පරපුරේ සුරක්ෂිතභාව තහවුරු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

වැඩිහිටියන් ලෙස අප දරුවන්ට ආදර්ශයක් විය යුතුයි

මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටිවලින් තොර කළ යුතු බවත් අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධ තමා ඉල්ලා සිටින්නේ රටේ අනාගතය භාරව සිටින දරුවන් රැකගන්නා ලෙසත් කුඩා කළ සිට දුදරුවන්ට ලබා දෙන ආදර්ශය විශිෂ්ඨ වියයුතු බවත් දෙමාපියන් කරන දේ දරුවන් පිළිපදින නිසා ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද ජන සමාජයේ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද ආරක්ෂාවක් නොමැති බවත් සමාජ ආරක්ෂණයක්වත් නොමැති බවත් මේ නිසා දරුවන් ඉලක්ක කර ගෙන සමාජ ආරක්ෂක වැඩපිළිවෙළක් අවශය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රමයේ වෙනස මෙය බවත් රාමුවෙන් පිටපැන නව ක්‍රමවේද හරහා රටදැය වෙනුවෙන් යමක් කිිරීම බවත් මෙම වැඩසටහන තුළින් ඉලක්ක වන්නේ රජයේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පළමුව අධ්‍යාපනය යන ප්‍රතිපත්තිය ජාතික ප්‍රතිපත්තිය බවට පත් කරමින් ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉහළම තැනට අධ්‍යාපනය පත් කළ යුතු බවත් මේ යටතේ සියලුම පාසල් සුහුරු පාසල් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 61කට රුපියල් ලක්ෂ 1837ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 308ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3391ක් වැය කර තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *