ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ සිය මෙහෙයුමෙන් ආණ්ඩුව අවධානය වෙනතක යොමු නොකරන බවත්, විපක්ෂයේ උත්සාහයන්ගෙන් අධෛර්යමත් නොවන බවත් ය. තවදුරටත් දරුවන් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බවද එතුමා අවධාරණය කළේය.කිසිදු අපරාධකරුවෙකුට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට පිහිටුවා ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.දකුණු පළාතේ තංගල්ලේදී මද වේලාවකට පෙර “එකමුතු ජාතියක්” (A Nation United) ජාතික මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම දියත් කිරීමේ අවස්ථාවට, එනම් තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූ ‘රටම – එකට’ ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන සඳහා එක්වෙමින් එතුමා මෙම අදහස් පළ කළේය.ඉතා අභියෝගාත්මක කාර්යයක් ලෙස එතුමා විසින් හැඳින්වූ මෙම කටයුත්ත අඛණ්ඩව කරගෙන යන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටි ජනාධිපතිවරයා, ඔවුන්ට ආණ්ඩුවේ පූර්ණ සහයෝගය සහතික කළේය. “වැඩ අරඹන්න. අපි ඔබට සහය දෙන්නම්,” ඔහු පැවසීය. රටේ මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් “එකමුතු ජාතියක්” ජාතික වැඩසටහන ජනාධිපති දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී දියත් කෙරිණි. පළාත් නවයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම වැඩසටහන මගින් හානිකර මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර, විශේෂයෙන් රටේ තරුණ පරපුර ආරක්ෂා කිරීම අරමුණු කරගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. මෙම වැඩසටහන ප්‍රථම වරට ඔක්තෝබර් 30 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දියත් කරන ලදී.























