දිස්ත්‍රික්කයට ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ එළවළු වගාවන් විනාශ වී ඇති බව ඊයේ (19) වාර්තා විය.බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා පැවසුවේ, දිස්ත්‍රික්කයේ වැලිපඩ, කැප්පෙටිපොළ, සහ හබරගල වැනි ප්‍රදේශවල කැරට්, අර්තාපල්, බෝංචි, ලීක්ස් සහ ගෝවා ඇතුළු වගාවන් අයහපත් කාලගුණය හේතුවෙන් විනාශ වී ඇති බවයි.ඊට අමතරව, ප්‍රදේශයේ තද සුළං හේතුවෙන් විශාල ගස් ගණනාවක් මුලින් උදුරා ගොස් ඇති අතර, මාර්ග කිහිපයක් ද අවහිර වී ඇත. අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් නිවාස කිහිපයකට ද හානි සිදුව ඇත.ඊයේ වනවිට රාජාංගනය, කලා වැව, දැදුරු ඔය ඇතුළු ජලාශ ගණනාවක් පිටාර ගැලීමට පටන්ගෙන තිබේ. ඒ හේතුවෙන් පහත් බිම්වල වෙසෙන ජනතාවට විමසිලිමත් වන ලෙස දැනුම් දී ඇත.මෙරට ප්‍රදේශ ගණනාවකට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති අතර, වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 121 රත්නපුරයෙන් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ලට මිලිමීටර් 112ක්, ගාල්ලට මිලිමීටර් 93ක්, කළුතරට මිලිමීටර් 84ක්, කුරුණෑගලට මිලිමීටර් 70ක්, සහ මාතරට මිලිමීටර් 65ක් වශයෙන් වර්ෂාපතනය ලැබී ඇත.රත්නපුරය, කෑගල්ල, බදුල්ල, මාතලේ, මහනුවර සහ නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා භූමී කම්පා අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.මේ අතර, තඹුත්තේගම ප්‍රදේශයෙන් එක් අයෙකු දියේ ගිලී මිය යාම වාර්තා වී ඇත.පවතින අන්තර් මෝසම් වර්ෂාව දෙසැම්බර් මස අවසානය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ.