දැදුරු ඔය පිටාර ගැලීමේ අවදානම් ප්‍රදේශවලට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්

දැදුරු ඔය නිම්නයේ ඉහළ සහ මැද ප්‍රදේශවලට සැලකිය යුතු වැසි ලැබීම හේතුවෙන්, අද (ඔක්තෝබර් 20) උදෑසන 5.00 වන විට ගංගා නිම්නයට අයත් පහත් බිම් කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.​දෙපාර්තමේන්තුව පවසන පරිදි, මේ වන විට දැදුරු ඔය ජලාශය තත්පරයට ඝන අඩි 16,250 ක වේගයකින් පිටාර ගලමින් පවතී. ජල විද්‍යාත්මක මධ්‍යස්ථානවලින් වාර්තා වූ වත්මන් ජල මට්ටම් මත පදනම්ව, පහත සඳහන් ප්‍රදේශවලට ගංවතුර අවදානමක් ඇති බව නිලධාරීහු ප්‍රකාශ කරති:​

වාරියපොළ​ , නිකවැරටිය ​, මහව ,​ කොබෙයිගනේ ​, බිංගිරිය , පල්ලම ​, හලාවත​ , ආරච්චිකට්ටුව​, රස්නායකපුර

මෙම ප්‍රදේශ අයත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව සහ දැදුරු ඔය ගංවතුර පිටාර තල හරහා දිවෙන මාර්ග භාවිතා කරන රියදුරන් ඉතා අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත. ගංගා නිම්නවල පිහිටි අතුරු මාර්ග සහ පහත් බිම් යටවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 798

Leave A Reply

Your email address will not be published. Required fields are marked *