දැනෙන්න අඩු වූ පළතුරු මිල

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ පළතුරු මිලෙහි සුළු අඩු වීමක් ඊයේ (11) දින දක්නට ලැබුණු බව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව, තොග වශයෙන් ගත්කළ සීනි කෙසෙල් කිලෝවක මිල රුපියල් 120ක් ද, කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක මිල රුපියල් 280ක් ද, ඇඹුල් කෙසෙල්
කිලෝවක මිල රුපියල් 130ක් ද වන බවටයි වාර්තා වෙන්නේ.

තවද, ඇම්බුන් කෙසෙල් කිලෝවක මිල රුපියල් 250ක් ද, ආනමාලු කෙසෙල් කිලෝවක මිල රුපියල් 200ක් ද, පුවාලු කෙසෙල් කිලෝවක මිල රුපියල් 120ක් ලෙසද සඳහන්.

එමෙන්ම අන්නාසි කිලෝවක මිල රුපියල් 450ක් ද, අල්පොන්සු අඹ කිලෝවක මිල රුපියල් 1200ක් ද, අලිගැටපේර කිලෝවක මිල රුපියල් 500ක් ද, කොමඩු කිලෝවක මිල රුපියල් 180ක් ද, ගස්ලබු කිලෝවක මිල රුපියල් 150ක් ලෙසද අලෙවි වූ බව වාර්තා වෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *