මෙරට විදුලි උත්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් ඊයේ (12) පස්වරුවේ සාර්ථකව දිවයිනට ළඟා විය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ, විදුලිබල ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මෙම ඉන්ධන තොගය ඇණවුම් කර තිබූ බවයි.නෞකාවේ පවතින දැවිතෙල් ගොඩබෑමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර, එම ඉන්ධන තොගය කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය වෙත සම්ප්‍රේෂණය කරමින් පවතී. මෙම නව තොගය ලැබීමත් සමඟ ඉදිරි දිනවලදී විදුලි උත්පාදන පද්ධතිය වඩාත් ස්ථාවරව පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරති.























