“දිට්වා” සුළි කුණාටුවෙන් පසු මහා පරිමාණ ජලාශවල ආරක්ෂාව පරීක්ෂා කිරීම ඇරඹෙයි

“දිට්වා” සුළි කුණාටුවත් සමඟ ඇති වූ දැඩි ගංවතුර සහ නායයෑම් තත්ත්වයෙන් පසු, මහවැලි අධිකාරිය යටතේ පවතින විදුලි උත්පාදන ජලාශ ඇතුළු කුඩා හා මහා පරිමාණ ජලාශවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ජලාශවලට යම් බලපෑමක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා මෙම පියවර ගත් බව මහවැලි අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු ඩී.එම්. ධර්මදාස මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව වික්ටෝරියා, කොත්මලේ, රන්ටැඹේ, රන්දෙනිගල, දඹුලු ඔය, මොරගහකන්ද, පොල්ගොල්ල, උඩවලව, බෝවතැන්න සහ මාදුරු ඔය යන ජලාශ 10 ඇතුළුව මහවැලි අධිකාරිය පාලනය කරන ජලාශ 20ක් මේ වන විට පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතී.​ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) සහයෝගය ඇතිව සිදුකරන මෙම විමර්ශනවලදී යම් අවදානම් සහගත තත්ත්වයක් සහිත ජලාශ හඳුනාගතහොත් ඒ පිළිබඳව වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම කොත්මලේ සහ උමා ඔය ජලාශ ව්‍යාපෘති කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති අතර, පැරණි පර්යේෂණ වාර්තාවල දත්ත පදනම් කරගනිමින් ප්‍රමුඛතාවය මත මෙම පරීක්ෂණ කටයුතු සිදුකරන බව ධර්මදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 930

Leave A Reply

Your email address will not be published. Required fields are marked *