‘දිට්වා’ (Ditwah) නම් වූ සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයට දකුණු දෙසින් ආසන්න වශයෙන් කිලෝමීටර් 50ක් දුරින් ස්ථානගත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුවට අනුව, මෙම පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළ උතුරු-වයඹ දෙසට ගමන් කිරීමට වැඩි ඉඩක් ඇත. කාලගුණික තත්ත්වයන් තවදුරටත් අයහපත් විය හැකි බැවින්, බලපෑමට ලක්වන ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙසත්, නිල උපදෙස් පිළිපදින ලෙසත් බලධාරීහු ඉල්ලා සිටිති.




















