අන්තර් නිවර්තන අභිසාරී කලාපය (Intertropical Convergence Zone – ITCZ) දැනට දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බැවින්, ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වය වැඩිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.මෙම අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන්, දිවයින ආශ්‍රිතව වායුගෝලීය කැළඹීම් වර්ධනය වීමට ඉඩ ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඒ අනුව, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව සැලකිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.