දියණිය ගණිකා වෘත්තියේ යෙදවූ පියා සහ තවත් 7ක් අත්අඩංගුවට!

අම්පාරේ, නින්දවූර් පොලිසිය විසින් සිය 13 හැවිරිදි දියණිය ගණිකා වෘත්තියේ යෙදවීමට පොළඹවාගත් පියෙකු සහ ඇයව සමූහ දූෂණය කළ තවත් පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. වින්දිත දැරිය ලබා දුන් ප්‍රකාශයේ සඳහන් වූයේ, ඇයව පුද්ගලයන් දොළොස් දෙනෙකු විසින් දූෂණය කර ඇති බවත්, මාස පහකට අධික කාලයක් සිය පියාගේ අනුබලයෙන් ගණිකා වෘත්තියේ යෙදී සිටි බවත්ය. කොළඹ කාන්තා හා ළමා කාර්යාංශයෙන් ලද තොරතුරක් මත අම්පාර දිසා කාන්තා හා ළමා කාර්යාංශය සහ නින්දවූර් පොලිසිය විසින් විමර්ශන මෙහෙයවා ඇත. සහකාර පොලිස් අධිකාරී ඉබුනු අෂාර් මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත බණ්ඩාර කස්තුරි මහතාගේ උපදෙස් මත නින්දවූර් පොලිස් ස්ථානාධිපති සහ අම්පාර දිසා කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක දයානි ගමගේ මහත්මිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි

What's your reaction?

Related Posts

1 of 890

Leave A Reply

Your email address will not be published. Required fields are marked *